කෝපා කමිටුවට වසර 100යි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුව ස්ථාපිත කර හෙට (17) දිනට වසර 100ක් සපිරෙනවා.

ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය හෙට (17) පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි පැරණිතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සැළකෙනවා.

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය අනුගමනය කරමින් මෙම කාරක සභාව ස්ථාපිත කර ඇති අතර,ඊ.ආර්. තම්බිමුත්තු මැතිතුමා විසින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට 1921 ඔක්තෝබර් 05 වැනි දින ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පිහිටුවනු ලැබුවා.

1923 සැප්තැම්බර් 05 වැනි දින කාරක සභාවක් පත්කර මෙහි පළමු රැස්වීම 1923 ඔක්තෝබර් 17 වැනි දින පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් පූර්ණ බලතල සහිත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවක් පිහිටවුයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 125 යටතේ 1948 වර්ෂයේදීයි.

ආරම්භයේ සිට මේ දක්වා සභාපතිවරු 33 දෙනෙක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මෙහෙයවා ඇති අතර, වර්තමානයේ සභාපති ධුරය හොබවන්නේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.

වර්තමානයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව 31 ක්.

රාජ්‍ය මුදල් සම්බන්ධ වගවීම සහතික කිරීමෙහිලා සහය වීමෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ලබනවා.

රාජ්‍ය ආයතන විගණනය කර විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවන් කාරක සභාවෙහි විමර්ශන කටයුතු සඳහා පදනම සපයන්නු ලබනවා.

කෙසේ වෙතත්, විගණකාධිපතිවරයාගේ වාර්තාවන් හි අඩංගු නොවන නමුත් රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කාරක සභාවට කිසිදු බාධාවක් නැහැ.

2023 අය වැය ඇස්තමේන්තු අනුව ආසන්න වශයෙන් රාජ්‍ය ආයතන 835ක් මෙම කාරක සභාවෙහි අධීක්ෂණය යටතේ පවතිනවා.

කෙසේ වෙතත් දැනට පවත්නා කාරක සභාවට කැඳවීමේ ක්‍රමවේදයට අමතරව ආයතන 835ක් පමණ වන සංඛ්‍යාවක් කාරක සභාව හමුවට කැඳවීම අපහසු කාර්යයක් බැවින්, මාර්ගගත ප්‍රශ්නාවලීන් උපයෝගී කර ගනිමින් ඇගයීම්
ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ආරම්භයේ සිට මේ දක්වා සාක්ෂාත් කරගත් සියලු අරමුණුවල ප්‍රතිලාභ මෙරට පොදු මහජනතාවට ලැබී තිබෙනවා.

වර්තමාන සභාපති, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ වඩා ඵලදායීව ඉහළ කාර්ය සාධනයන් වාර්තා කළ ආයතන තෝරා ගනිමින් ඔවුන්ව තව තවත් දිරිගැන්වීම වෙනුවෙන් සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානයන් ද සිදුකෙරෙනවා.

අට වැනි පාර්ලිමේන්තුවේදී, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුව කාරක සභා රැස්වීම් මාධ්‍ය වෙත විවෘත කිරීම සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23