කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට කොලොම්බියාව එයි

දෙවැනි අවසන් පූර්ව තරගයේ දී උරුගුවේ කණ්ඩායම පරාජය කළ කොලොම්බියාව කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තරගයේ 39 වැනි මිනිත්තුවේදී උරුගුවේ කණ්ඩායම තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කළා.

පළමු අර්ධය තුළ දී ම කොලොම්බියානු ක්‍රීඩක Daniel Munoz කහ කාඩ්පත් දෙකක් ලැබීම හේතුවෙන් තරගයෙන් ඉවත් කෙරුණා.

එතැන් සිට කොලොම්බියා කණ්ඩායමට ක්‍රීඩකයින් 10 දෙනෙකු සමගින් තරග වැදීමට සිදු වුවත් උරුගුවේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දැල ආක්‍රමණය කරන්නට හැකි වූයේ නැහැ.

තරගය 1 – 0 ⁣ක් ලෙස අවසන් වුණේ ආර්ජන්ටිනාව සමග අවසන් තරගයට කොලොම්බියාවට අසුන් වෙන් කරමින්.

තරගයේ 90 වැනි මිනිත්තුවේ දී Ollie Watkins ලබා ගත් ගෝලය සමගින් යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ දී නෙදර්ලන්තය පරාජය කරමින් අවසන් තරගයට සුදුුසුකම් ලබන්නට එංගලන්තය සමත් වුණා.

නෙදර්ලන්තය වෙනුවෙන් Xavi Simons තරගයේ 7 වැනි මිනිත්තුවේදීම ගෝලයක් වාර්තා කළා.

Harry Kane දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගය සම කර ගත්තා.

Watkins 90 වැනි මිනිත්තුවේදී ලබා ගත් ගෝලයත් සමග එංගලන්තයට අඛණ්ඩව දෙවැනි වරටත් යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයේ දොර විවර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29