කෝප් කමිටුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය

සූදානමකින් තොරව කරුණු දැක්වීමට පැමිණිම පිළිබඳ ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය හිමි ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව විසින් එම නිලධාරීන් ව නැවත හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ඉදිරි දිනකදී නැවත පැමිණීමට දැනුම්දෙන බවත් එදින සූදානම් වී පැමිණෙන ලෙසත් දන්වමින් පැමිණි නිලධාරීන් නැවත හරවා යැවීම සිදු කෙරුණා.

මෙසේ නිලධාරීන් හරවා යැවීම සිදුවූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පසුගිය රැස්වීම්වල දී ලබාදුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා තිබෙනවා.

රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධ වීමට ප්‍රථම, සිදු වූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ සිදු කළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් කරමින් කාරක සභාවට වාර්තාවක් ලබා දිය යුතුව තිබූ බවත් එය ලබා දී නොමැති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙහිදී නිලධාරීන් වාර්තාවක් ලබා දී ඇති බව පැවසුවත් විගණකාධිවරයා එය තමාට ලැබී නැති බවයි කියා ඇත්තේ.

වාර්තාවේ පිටපතක් සභාගත කළ අතර එම පිටපත පරීක්ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම
සෑහීමකට පත් විය නෙ‍ාහැකි බව විගණකාධිපතිවරයා කාරක සභාවට දැනුම්දුන්නා.

මේ අනුව මේ සම්බන්ධයන් දීර්ඝ වශයෙන් කමිටුව කරුණු විමසූ අතර නිලධාරීන් ඒ සඳහා පිළිතුරු ලබාදීමට අපොහොසත් වුණා.

නිලධාරීන් පෙන්වා දුන්නේ පැරණි තොරතුරු තමන් සතුව නොමැති බවයි.

මේ අනුව කාරක සභාව නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් මෙම ආයතනය නැවත කැඳවන බව දන්වමින් කාරක සභාව අතරමග නැවැත්වීමට කටයුතු කළා.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ සාගරිකා
අතාවුද, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, (වෛද්‍ය) ජනක සේනාරත්න, දිනිඳු සමන් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි‍යා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58