කුරුණැගල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ සිදු කළ විශේෂ වැටලීමකදී වාලම්පුරි දෙකක් සහ මැණීක් ගල් කිහිපයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වාලම්පුරි දෙක රැපියල් කෝටි 20කට විකිණීමට සූදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ.
ගුවන් හමුදා බුද්ධි අංශය මඟින් කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලය වෙත ලබා දුන් බුද්ධී තොරතුරකට අනුව, කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් හා රිටිගල වනජීවි නිලධාරීන්, හා අනුරාධපුර කලාපයේ වනජීවි නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී වාලම්පුරි දෙකක්, මැණීක් ගල් කිහිපයක් සහ සැකකරුවන් විසින් රාවණා ගල ලෙස හඳුන්වා දී තිබූ තවත් ගල් වර්ගයක් ද සොයා ගැනීමට වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වනජීවී නිලධාරීන් උපායදූතයන් ලෙස වෙස්වලා ගනිමින් මෙම වාලම්පුරි මිලදී ගැනීමට පැමිණෙන ව්‍යාපාරිකයින් මුවාවෙන් ගොස් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 55, 36, 35,යන වයස් වල පසුවන කුරුනෑගල සහා ත්‍රීකුණාමළය යන ප්‍රදේශවල පදිංචි අය බවයි වාර්තා වන්නේ.














