කෝටි දෙකක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පිවීසී නළයකින් සොයා ගැනේ

කළුතර විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් හෙරොයින් මත්කුඩු කිලෝ 01 යි ග්‍රැම් 175 ක් සමඟ පුද්ගලයක් කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ එම මත්කුඩු තොගය පීවීසී නලයක සගවා රැගෙන යමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් සැකකරු කුඩා පයාගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

සැකකරු කිසියම් පුද්ගලයකුට ලබාදීම සදහා පීවීසී නළයක පුරවා මෙලෙස හෙරෝයින් මත්කුඩු රැගෙන ගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකරු කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?