කෝටි දහයකට අධික වටිනාකමක් සහිත ජංගම දූරකථන තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු ද සමග අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් බවයි.

ඔහු කලක් මැදපෙරදිග රාජ්‍ය ගණනාවක හෝටල් සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මේ වනවිට මොහු විවිධ භාණ්ඩ මේ ආකාරයට මෙරටට රැගෙන ඒමේ ප්‍රවාහකයෙකු ලෙස කටයුතු කරන්නෙකු වශයෙන් රේගු නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු අද උදෑසන 06.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මළු 03 තුළ සම්පූර්ණයෙන්ම මෙම ජංගම දුරකථන 528ක් අසුරා තිබුණා.

අත්අඩංගුවට ගත් නවීනතම ජංගම දුරකථන අතර Iphone, Samsung, Google Pixel, Redmi වර්ග ද තිබූ බවයි පැවසෙන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?