කෝටි දහයකට අධික වටිනාකමක් සහිත ජංගම දූරකථන තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු ද සමග අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් බවයි.

ඔහු කලක් මැදපෙරදිග රාජ්‍ය ගණනාවක හෝටල් සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මේ වනවිට මොහු විවිධ භාණ්ඩ මේ ආකාරයට මෙරටට රැගෙන ඒමේ ප්‍රවාහකයෙකු ලෙස කටයුතු කරන්නෙකු වශයෙන් රේගු නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු අද උදෑසන 06.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මළු 03 තුළ සම්පූර්ණයෙන්ම මෙම ජංගම දුරකථන 528ක් අසුරා තිබුණා.

අත්අඩංගුවට ගත් නවීනතම ජංගම දුරකථන අතර Iphone, Samsung, Google Pixel, Redmi වර්ග ද තිබූ බවයි පැවසෙන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ගැන ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - අත්අඩංගුව ගන්න
17:24
Video thumbnail
සුනිල් වටගල සහ සජීව මැදවත්ත හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි...
00:32
Video thumbnail
සෙනඟ මැදින් ආ වටගල හිටපු පොලිස්පතිට සමුදෙයි
01:20
Video thumbnail
නාමල් තමයි මේ ආණ්ඩුවට අභියෝගය - මෙච්චර බයික් එයි කියලා අපි හිතුවේ නෑ
03:18
Video thumbnail
මරික්කාර්, රෝසි, ටිරාන් පෝලිමට හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:34
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල අවසන් ගෞවර දක්වන්න එයි
01:21
Video thumbnail
ශිරන්ති තනියෙන්ම හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
01:12
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ශිරන්ති රාජපක්ෂ පැමිණි මෙහොත...
00:43
Video thumbnail
පරීක්ෂණවලට අපි බය නෑ - නාමල් ආණ්ඩුව සැරටම අමතයි
11:15
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27