කෝටි තුනක රන් භාන්ඩ සොරාගත් සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂයක් වටිනා රන් භාන්ඩ සොරාගත් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන තිබෙනවා.හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කලේ නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් මෙම ස්වර්ණාභරණ කිලෝ 1 1/2ක තොගය සොරාගෙන ඇති බවයි.
ඊයේ (30) සිදුකල වැටලීමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කලේ.

අදාළ සොරකම පසුගිය වසරේ දෙසැම්බර් මස 09 වැනි දින සිදුකර තිබෙන බවත් සොරා ගත් රන් ආභරණ අලෙවි නොකර එක් සැකකරුවෙකු පදිංචි නෝර්වුඩ් වෙන්චර් වතුයායේ තම ගෙවත්තේ වළ දමා තිබියදී සොයා ගත් බවතයි පොලීසිය පැවසුවේ.අදාළ සොරකම සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන්ම ඇඟිලි සලකුණු ලබා ගෙන ඇති අතර ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකර තිබෙනවා.

සැකකරුවන් විසින් සොරාගෙන තිබියදී සොයා ගත් රන් භාණ්ඩ අතර රන් මාල 54 ක් රන් අරුන්ගල් 757 ක් රන් පෙන්ඩන්ට් 177 ක් රන් මුදු
404 ක් රන් ටසල් 84 ක්, රන් අත්පළඳනා 18ක්, රන් වළලු 01 ක්, රන් කැබලි 09 ක් සොයා ගැනුණා.සිද්ධියේ ප්‍රධාන සැකකාරිය අදාළ උකස් මධ්‍යස්ථානයේ වසර 10 ක් පමණ සේවය කර ඇති බවත් , හිමිකරුවන් නිවසේ නොසිටි අවස්ථාවක උකස් මධ්‍යස්ථානයට යාබද නිවසේ සේප්පුවක තිබූ රන් භාන්ඩ ඇය අනෙක් සැකකරුවන් තිදෙනා සමග එක්ව සොරාගෙන මෙම අපරාධය සිදුකර තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 35- 50ත් අතර වයස්වල පසුවන්නන්.සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46