කෝටි ගණනක් හම්බ කල දුරකතන වං,චාව

අන්තර්ජාලය මගින් දැන්වීම් පළ කර වටිනා ජංගම දුරකථන ඇතුළු උපකරණ විකුණන මුවාවෙන් රුපියල් කෝටි ගණනාවක වංචාවක් කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැලිගමදී අත්අඩංගුවට ගෙන ඇත.

අනුන්ගේ හැඳුනුම්පත් භාවිත කරමින් එම වංචාව කර තිබේ.

ගිණුම් කිහිපයකම සැක කටයුතු ලෙස රුපියල් කෝටි ගණනක මුදල් සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහ බැංකු මූල්‍ය බුද්ධි අංශය කළ පැමිණිල්ලක් මත මෙම සැකකරු අල්ලාගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා මොහොතේදීත් වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් ලබාගත් සිම් කාඩ්පත් 5 ක්, සොරකම් කරන ලද හැඳුනුම් පත් 5 ක්, ව්‍යාජ නම්වලින් වූ බැංකු පොත් පහක්ද සෙයාගෙන තිබේ.

කනංකේ, පහේකණුවේ පදිංචි රුක්මාල් සුබසිංහ (29) නමැති සැකකරු ඔන්ලයින් ව්‍යාපාර කටයුතු වැඩි වශයෙන් සිදුවන වෙබ් අඩවියක විවිධ නම්වලින් දැන්වීම් පළකර ඇත.

ඔහු ජංගම දුරකථන, සංගීත උපකරණ සහ අයිපෑඩ් ඇතුළු දෑ අඩු මුදලට විකුණන අයකු ලෙස පෙනී සිටිමින් දිනපතා දැන්වීම් පළකර ඇත. අත්තිකාරම් ලෙස සෑම අයකුගෙන්ම රුපියල් දස දහසේ සිට විසිදහස දක්වා ව්‍යාජ බැංකු ගිණුම්වලට මුදල් ගෙන්වාගෙන ඇතැයිද අනාවරණය වී තිබේ.

සැකකරුට එරෙහිව ඇති පැමිණිලි වහාම දැනුම් දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාව පුරා පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

ඊයේ (31 වැනිදා) පෙරවරුව වනවිට පැමිණිලි දහයක් පමණ සැකකරුට එරෙහිව ලැබී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09