කෝටි ගණනක් වටිනා මැණික් ගනුදෙනුවකදී මූල්‍ය වංචාවක් කළ අයෙක් අත්අඩංගුවට

රුපියල් අට කෝටි අසූ ලක්ෂ පනස් දහසක් වටිනා මැණික් ගල් 09 ක් ලබාගෙන එහි වටිනාකම සඳහා රුපියල් හය කෝටි හතලිස් හය ලක්ෂයක් වටිනා අගරු වෙක්පත් ලබාදී මුදල්මය වංචාවක් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) දිනයේ දී කොල්ලුපිටියේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 29 ක් වන කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?