රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය සමත්ව තිබෙනවා.
නුගේගොඩ, දෙල්කද ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික මධ්‍යස්ථානය තිබී මෙම විදෙස් මත්පැන් තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම මත්පැන් තොගය මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ,ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.
විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම විදෙස් මත්පැන් කොල්ලුපිටිය සහ කොට්ටාව ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු විසින් එම සමාජ ශාලාවලට නිකුත් කිරීම සඳහා මෙලෙස සඟවා තබා ඇති බවයි.
මෙම මත්පැන් තොගය සමඟ මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ආයතනයේ කළමනාකරු ලෙස කටයුතු කළ 59 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.