කෝටිපති ව්‍යාපාරික මාමාගේ මෝටර් රථයට යට වී කුඩා දැරියක් මිය යයි

සුඛෝපභෝගී මෝටර් රථයට යටවී මෙන් වයස අවුරුදු එකහමාරක දැරියක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කලුබෝවිල රූබන් පීරිස් මාවතේ පදිංචිව සිටි දැරියක්.

ඇය අනතුරට ලක්වී ඇත්තේ ඇයගේ මාමා විසින් පැදවූ මෝටර් රථයට යටවීමෙන් බවයි හෙළිවී ඇත්තේ.

මෝටර් රථය පැද වූ දැරියගේ මවගේ සහෝදරයා වන 28 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ 16 දහවල් ආගමික වතාවත්වල යෙදීම සඳහා නිවසින් පිටවී යාමට සූදානම් ව මෝටර් රථය නිවස ඉදිරිපිටට ගරාජයෙන් පිටතට ගැනීමේ දී මෝටර් රථයේ ඉදිරිපසට පැමිණි දැරියව වාහනයේ ඉදිරිපස කොටසට සහ පොළවට තෙරපීමෙන් අනතුර සිදු වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එම නිවසට පැමිණ යතුරු පැදියෙන් පිටවීමට ගිය පුද්ගලයෙකු අනතුර දැක ඒ බව රියදුරාට දැනුම් දීමත් සමග ඔහු මෝටර් රථය යළිත් පසුපසට ගෙන ඇති අතර එහිදී නැවතත් දැරියව මෝටර් රථයේ ඉදිරිපස කොටසට සහ පොළොව අතර තෙරපී ඇතැයි හෙළිවී තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ නිවැසියන් දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අද අළුයම මියගොස් තිබෙනවා.

අනතුර සිදු වන ආකාරය නිවසේ සවි කර තිබූ CCTV කැමරාවේ ද සටහන්ව ඇතැයි සඳහන්.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මූලික පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නියෝග කළේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

1 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27