කෝච්චියේ AC මැදිරිවල ඇඳ ඇතිරිලි සහ තුවා සොරකම් කළ පවුලක් අල්ලයි (වීඩියෝ)

දුම්රියක වායු සමීකරණ මැදිරිවල ඇඳ ඇතිරිලි සහ තුවා සොරකම් කළ පවුලක් අල්ලාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පවුල, පූරි සහ දිල්ලි අතර ධාවනය වන පුරුෂෝත්තම් එක්ස්ප්‍රස් දුම්රියේ වායු සමීකරණ මැදිරිවල ඇති ඇඳන්වලට දමා තිබෙන ඇඳ ඇතිරිලි සහ තුවා සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මගීන්ගේ සුවපහසුව සඳහා සපයන ලද ඇඳ ඇතිරිලි සහ තුවා සොරකම් කළ මෙම පවුල දුම්රිය ටිකට්පත් පරීක්ෂකයින් විසින් හසුකර ගැනීමට හැකිව තිබෙනවා.

කාන්තාවක් සහ ඇයගේ තරුණ වියේ පසුවන පුතුන් දෙදෙනෙක් මෙම සොරකම් සිදුකර ඇති අතර, සොරකම් කරන ලද ඇඳ ඇතිරිලි සහ තුවා ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී සොයාගැනීමටයි හැකිව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වන අතර එම අවස්ථාවේ එක් පුතෙකු පවසන්නේ එය අවංක වැරැද්දක් බවත්, තම මව අහම්බෙන් ඇඳ ඇතිරිලි සහ තුවා මෙලෙස ඇසුරුම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27