දුම්රියක වායු සමීකරණ මැදිරිවල ඇඳ ඇතිරිලි සහ තුවා සොරකම් කළ පවුලක් අල්ලාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පවුල, පූරි සහ දිල්ලි අතර ධාවනය වන පුරුෂෝත්තම් එක්ස්ප්‍රස් දුම්රියේ වායු සමීකරණ මැදිරිවල ඇති ඇඳන්වලට දමා තිබෙන ඇඳ ඇතිරිලි සහ තුවා සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මගීන්ගේ සුවපහසුව සඳහා සපයන ලද ඇඳ ඇතිරිලි සහ තුවා සොරකම් කළ මෙම පවුල දුම්රිය ටිකට්පත් පරීක්ෂකයින් විසින් හසුකර ගැනීමට හැකිව තිබෙනවා.
කාන්තාවක් සහ ඇයගේ තරුණ වියේ පසුවන පුතුන් දෙදෙනෙක් මෙම සොරකම් සිදුකර ඇති අතර, සොරකම් කරන ලද ඇඳ ඇතිරිලි සහ තුවා ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී සොයාගැනීමටයි හැකිව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වන අතර එම අවස්ථාවේ එක් පුතෙකු පවසන්නේ එය අවංක වැරැද්දක් බවත්, තම මව අහම්බෙන් ඇඳ ඇතිරිලි සහ තුවා මෙලෙස ඇසුරුම් කර ඇති බවයි.





