කොළොන්න සභාවේ මාලිමා අයවැය අදත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් පරාජයට පත් වී තිබෙනවා.

දෙවන වරටත් අද (10) ඉදිරිපත් කෙරුණු අයවැය වැඩි ඡන්ද 01කින් පරාජයට පත්වුණා.

එහිදී පක්ෂව ඡන්ද 09ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබී තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළොන්න ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජනබලවේගයෙන් සභිකයන් 09 දෙනෙක් සහ පොදු විපක්ෂයේ සභිකයන් 10ක් තේරී පත්වී තිබුණා.

ඒ අනුව සමගි ජන බලවේගයට සභික දූර 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 03ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 01ක් සහ සර්වජන පක්ෂයට සභික ධූර 01ක් ලෙස විපක්ෂයට සභිකයින් 10ක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?