කොළඹ සහ ගම්පහ ඇතැම් ප්‍රදේශවල විදුලි බිඳවැටීම් සිදුව ඇති බව වාර්තා වනවා.
එලෙස සිදුව ඇති බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි විදුලි වෘත්තීය සමිති පවසන්නේ.
මේ අතර සියලුම විදුලි වෘත්තීය සමිති ඊයේ (09) පස්වරු 3.00 සිට සියලු වැඩවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
පැය 24ක් පුරා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බවයි විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේ.
සිය ඉල්ලීම් සදහා විසඳුම් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ වැඩි කරන බවට එම වෘත්තීය සමිති අනතුරු අඟවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
3
+1
+1
+1
+1
1



