කොළඹ සරසවියේ කුලපති හිමිපාණන්ට උපහාර පුදයි (PHOTOS)

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත් වූ නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට උපහාර පිදීමේ උළෙලක් අද (8) පෙරවරුවේ පැවත්වුණා.

මෙම උපහාර උළෙල “අනද නාහිමි කුලපති උපහාර” නමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහි දී “අනද නාහිමි කුලපති උපහාරය” මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට පිරිනමනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්හි ජාතික ප්‍රශ්න සහ ව්‍යසන හමුවේ මහා සංඝරත්නය පෙරමුණ ගත් බව ඉතිහාසය සාක්‍ෂි දරනවා. ඒ නිසා ම අපේ නායක හාමුදුරුවන්ට පුදන මේ උපහාරය ඒ ඉතිහාසයේ තවත් එක් දිගුවක් හැටියට සළකන්න පුළුවන්. මෙරට ජාතික ගැටලුවල දී පෙරමුණ ගනිමින් පරිත්‍යාගශීලීව කටයුතු කළ තෙර නමක් හැටියට අපේ ස්වාමීන්වහන්සේ ඉතිහාසයට එක්වෙනවා. එම ජාතික ප්‍රශ්න ගැටලු හමුවේ උන්වහන්සේ නොසැලී ක්‍රියා කළා. ඒ වගේ ම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට ආ අවස්ථා එමටයි කියලා කිව්වොත් එය නිවැරදියි.”

සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප සභාපති ආර්.කේ බටුවිට, ප්‍රධාන ලේකම් ඒ.ඩී කල්‍යාණි මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ හෙද හෙදියෝ මෙම අවස්ථාවට එක්වී තිබේ.

KK 1
K 1 scaled
K 2 scaled
K 3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26