AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ විශේෂ මෙහෙයුමකින් 42ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක ඊයේ රාත්‍රියේ කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනී සඳහා මෙම වැටලීම සිදු කර ඇත්තේ කොලොන්නාව, වැල්ලම්පිටිය, සංහිඳ සෙවන නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේයි.

සැකකරුවන් සතුව තිබී ආයුධ ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ දහසකට වැඩි කණ්ඩායමක් මේ සඳහා එක්ව සිටි අතර අද අලුයම වන තුරු මෙහෙයුම සිදු කෙරුණා.

ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය මෙන්ම පොලිස් සුනඛයින් ද යොදාගෙන තිබීම විශේෂත්වයක්.

මෙම මෙහෙයුමේදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර කඩු වැනි ආයුධ ද සොයාගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මෙහෙයුම සිදුවන ආකාරය නිරීක්ෂණයට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?