කොළඹ විශේෂ මෙහෙයුමකින් 42ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක ඊයේ රාත්‍රියේ කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනී සඳහා මෙම වැටලීම සිදු කර ඇත්තේ කොලොන්නාව, වැල්ලම්පිටිය, සංහිඳ සෙවන නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේයි.

සැකකරුවන් සතුව තිබී ආයුධ ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ දහසකට වැඩි කණ්ඩායමක් මේ සඳහා එක්ව සිටි අතර අද අලුයම වන තුරු මෙහෙයුම සිදු කෙරුණා.

ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය මෙන්ම පොලිස් සුනඛයින් ද යොදාගෙන තිබීම විශේෂත්වයක්.

මෙම මෙහෙයුමේදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර කඩු වැනි ආයුධ ද සොයාගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මෙහෙයුම සිදුවන ආකාරය නිරීක්ෂණයට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30