Indian Premier League

කොළඹ විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට පසුගිය දා (21) කොළඹ විශ්වවිද්‍යාලය කැඳවා තිබුණා.

මෙහිදී 2020 සහ 2021 වර්ෂය සඳහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වුණා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා‌වේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න ඇතුළු ආචාර්යවරු සහ තවත් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා
තිබූ බවයි වාර්තා වුණේ.

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල දේශීය විශ්ව විද්‍යාල අතුරින් ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයට එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් කාරක සභාව සිය සුභාශිංසන පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?