කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ මෙහෙයුම් 2024 ජුනි සිට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජුනි මස පළමුවනදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා වරයා,නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්ථාව සලකා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා )( පෞද්ගලික )සමාගමේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

මෙම කමිටුව හමුවේ කරුණු දක්වමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් වලින් මේ වන විට 20% ප්‍රගතියක් ලබා තිබෙන බවයි.

නැගෙනහිර පර්යන්තයේ, ඉදිකිරීම් 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමට ද සැලසුම්කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

කොළඹ වාරයේ බටහිර පර්යන්තයයේ ඉදිකිරීම්වල ද දැනට 20% ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් එහි ඉදිකිරිම්ද 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ නිලධාරීන් පැවසුවා.

මේ අතර 2022 වසරේ ජුනි මාසයෙන් පසු තමන් ලාභ ලබමින් සිටින බව සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සඳහන් කළා.

ඒ, අනුව මෙම වසරේ (2023) ගතවූ මස 07 තුළ එම සමාගම ඩොලර් මිලියන 18ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ලංකාව තුළ භාණ්ඩ බෙදා හැරීමේදී මුහුදු මඟින් එම භාණ්ඩ ප්‍රවාහනට ඇති හැකියාව සොයා බලන ලෙසට කමිටු සාමාජික මන්ත්‍රීවරයන් විසින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයට මෙහිදී උපදස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?