කොළඹ වරාය නගරයට අදාළ තවත් නීති රෙගුලාසි කිහිපයක් මාස තුනක් ඇතුළත

කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස 03 ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අනාවරණය වුණා.

ඒ, රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගමගේ සභාපතිත්වයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී කොළඹ නරය තුළ ක්‍රියාත්මක වන නීති පද්ධතිය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව උපදේශක කාරක සභාව නිලධාරීන්ගෙන් විමසනු ලැබුවා.

එයට පිළිතුරු ලබා දෙමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙවාන් වික්‍රමසූරිය, කොළඹ වරාය නගරයේ ආයෝජනයන් ගෙන ඒමට අවශ්‍ය නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා වන ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් සඳහන් කර සිටියා.

වරාය නගරයේ වාණිජ කටයුතු සඳහා විශේෂ නීතිමය විධිවිධාන ඇතත් රටේ පවතින අනෙකුත් නීති පද්ධති ක්‍රියාත්මක වන බව ඔහුමෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් කඩිනමින් සම්මත කිරීමට නියමිත බව සභාපතිවරයා පැවසුවා.

ඒ, අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේ දී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත ආයෝජන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතනවලින් අනුමැතිය ලබාගැනීම ප්‍රමාද කිරීම පිළිබඳව ද කමිටුවේදී සාකච්ඡා කෙරුණා.

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ආයෝජකයින් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, ඊට විසඳුම් සෙවීම සඳහා විකල්ප මාර්ග සඳහා ධනාත්මක පිළිතුරු ලැබී ඇති බව ද සභාපතිවරයා පැවසුවා.

කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අනාවරණය වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයක් ලෙස චීනයට කුරුඳු අපනයනය කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළා.

පසුගිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පදනම්ව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?