AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ වරායේ නැව් තටාකාංගනයකට වැටී සේවකයෙක් මරුට

කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු නැව් අළුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (31) මෙලෙස තටාකයකට වැටී ඇති අතර, කිමිඳුම්කරුවන් විසින් ඔහුව ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ඩොක්යාඩ් ආයතකනයේ උප කොන්ත්‍රාත් සමාගමක සේවකයකු ලෙස සේවය කර ඇති බවයි වාර්තා වුණේ.

මොහු උදෑසන ආහාරයෙන් පසු අත සේදීමට නැව් අළුත් වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේ දී තටාකයට ඇද වැටී ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?