කොළඹ-රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක්

අද අලුයම් කාලයේ දී කොළඹ රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදු වී තිබෙනවා.

පැරණි තුරග තරග පිටියේ පහළ ප්‍රේක්ෂකාගාරයේ, ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක් තුළයි.

හෝටල් පරිශ්‍රයේ සිදු වූ ගෑස් කාන්දුවක් නිසා මෙම පිපිරීම සිදු වී ඇති බවටයි දැනට සැක කරන්නේ.

පිපිරීමෙන් අනතුරු ව ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පොලිසිය විසින් කටයුතු කරනු ලබන බව වාර්තා වෙනවා.සිදුවීමෙන් තුවාල ලැබූ හෝ මියගිය පුද්ගලයින් සම්බන්ධ තොරතුරු මෙතෙක් වාර්තා වී නො මැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?