කොළඹ මාර්ග කිහිපයක් වැසේ

විරෝධතා ව්‍යාපාර කිහිපයක් හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක් අවහිර වී තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ විරෝධතාවක් හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් ද වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ගාලු මුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය ද වසා දමා ඇති බව සඳහන්.

මේ අතර වෘත්තීය සමිති කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව ද කැඳවා තිබෙනවා.

මේ වන විට විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසී ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

උපයන විට ගෙවිය යුතු බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ද මතුවී තිබෙනවා.

මෙම තත්වය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය දෙපසින්ම වසා ඇති අතර ඒ හේතුවෙන් මෝටර් රථ ගමනාගමනයට බාධා ඇති වී ඇතැයි සඳහන්.

මේ අතර ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරය වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) ප්‍රතික්ෂේප කළා.

විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් කටයුතු කළහොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට නියෝග කරමිනුයි මහේස්ත්‍රාත්වරයා පොලිසිය කළ ඉල්ලීම එලෙස ප්‍රතික්ෂේප කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17

?