spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අද (21) පස්වරු 05.00 සිට හෙට (22) පෙරවරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

අඹතලේ ජල සැපයුම් මධ්‍යස්ථානයේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?