AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය අද රාත්‍රියේ සීමා කෙරේ

අද (27) රාත්‍රියේ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය දැනුම් දෙනවා.

පොලිසිය සඳහන් කළේ නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි.

අද (27) රාත්‍රියේ වීථි සංචාරය කරන පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර, දකුණට හැරී අත්නගල්ල මාර්ගයේ ගමන් කර පසුව නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.

ඒ, අනුව පෙරහැර නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කරන කාලය තුළ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මංතීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මංතීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තබන බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන කාලය තුළ කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කරන වාහනවලට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි එම වාහනවල රියදුරන්ට පොලිසිය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?