කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් අසළ තිබූ ගසක ගැටී අද (21) පෙරවරු 2.30ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබදව මේ මොහොතේ නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි කඩුගන්නාව පොලිසිය පැවසුවේ.
අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ දැඩි රථවාහන තදබදයක් ද පවතින බවයි වාර්තා වුණේ.
කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස අනතුර ලක්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1