AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ – කුරුණෑගල මාර්ගයේ අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

කොළඹ – කුරුණෑගල මාර්ගයේ වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (18) දහවල් ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් 23 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු හෝමාගම, පනාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පොලිසිය පවසන්නේ ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවන මෙම අනතුරට හේතු වී ඇති බවයි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වරකාපොළ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?