AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (29) දිනයේ පැය 15ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අද (29) පෙරවරු 9.00 සිට රාත්‍රී 12.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි.

ඒ, අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රදේශීය සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ඊට අමතරව මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ ජල සැපයුම එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ සිදුකරන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?