AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (24) ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (24) සිට සෙනසුරාදා (25) දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදු කෙරෙන්නේ.

ඒ අනුව කෙදාළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙනවා.

හෙට පස්වරු 5 සිට සෙනසුරාදා පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් මෙම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?