කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ලබන සෙනසුරාදා (04) පස්වරු 2 සිට ඉරිදා පස්වරු 2 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

කොළඹ 1,2,3,4 සහ 7,8,9,10,11 යන ප්‍රදේශවලට ජල කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනවා.

ඊට අමතරව කඩුවෙල නගරය සහ ඒ අවට ප්‍රදේශ, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටු වන බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?