AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ අවට දුම්රිය ස්ථාන ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන කරන්න අනුමැතිය

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤඤවීදිය යන දුම්රිය ස්ථානයන් පිහිටි භූමින් හා ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව 2023.11.06 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හඳුනාගෙන තිබුණා.

ඒ අනුව, එම දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ඉදි කර, මෙහෙයුම් කර, පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?