කොළඹින් ගාල්ලට සුපිරි ප්‍රහාරයක්…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා.ඒ, තරගාවලියේ 13 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 41ක ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා කෙරුණා.

කාසියේ වාසිය දිනා ගත් ස්ටාර්ස් කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අතර, ඔවුන් නියමිත පන්දුවාර 18 අවසානය‍ේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ආබාධය සුව වීමෙන් පසුව මෙවර තරගාවලියේ දී පළමු වරට තරග බිමට පිවිසි නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ස්ටාර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණීම විශේෂත්වයක්.

ඔහු පන්දු 57කින් ලකුණු 73ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින්. එම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.අශාන් ප්‍රියන්ජන් ලකුණු 23ක් රැස් ලබා ගත්තා.

ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 14කින් වේගවත් ලකුණු 36ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

පන්දු යැවීමේ දී සමිත් පටෙල් හා ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට පන්දුවාර 16.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 64ක් රැස් කලේ පන්දු 39ක් පමණක් වැය කරමින්. හයේ පහරක් හා හතරේ පහර 7ක් එම ඉනිමට ඇතුළත්.සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් ග්ලැඩියේටර්ස් ඉනිමට සාර්ථක දායකත්වයක් හිමි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3ක් ද, රවී රාම්පෝල් හා සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59