කොළඹට ජය ගෙනා සීක්කුගේ…

පන්දු 6ක් තුළ හයේ පහර 5ක් එල්ල කරමින් සීක්කුගේ ප්‍රසන්න දැක් වූ සුවිශේෂී පිතිහරඹය හේතුවෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමග පැවැති මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වැනි තරගයෙන් කඩුලු 5ක විශීෂ්ඨ ජයක් හිමි කර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. පිටියට පිවිසි කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබා ගනිමින්.

ඉනිමට සාර්ථක හා වේගවත් ආරම්භයක් ලබා දීමට කෙනාර් ලුවිස් හා චරිත් අසලංක සමත් වුණේ පළමු කඩුල්ල සදහා පන්දුවාර 8.1කින් ලකුණු 77ක සබදතාවයක් ගොඩ නගමින්.

අසලංක ලකුණු 28(18) කට දැවී ගියා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 3ක් සමගින්.සුපිරි ප්‍රහාරයක් දියත් කළ කෙනාර් ලුවිස් පන්දු 44කින් වේගවත් ලකුණු 62ක් ලබා ගත්තා. හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කෙසේ වෙතත්, වොරියර්ස් කණ්ඩායමේ මැදපෙල පිතිකරුවන් සියලු දෙනාම පාහේ අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රහනය වාර්තා කළා.

යළිත් අසාර්ථක වූ පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර, තික්ෂිල ද සිල්වා හා අශාන් ප්‍රියන්ජන් ලකුණු 15 බැගින් ලබා සිටියදී දැවී ගියා.ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 29යි. යළිත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 27කින් ලකුණු 44ක් රැස් කළා.

චන්දිමාල්ගේ දැවී යාම සිදු වන විට ස්ටාර්ස් කණ්ඩායමට පන්දු 13කදී ජයග්‍රහනය සදහා ලකුණු 37ක් ලබා ගත යුතුව තිබුණා.

නමුත්, අනතුරුව පිටියට පිවිසි සීක්කුගේ ප්‍රසන්න කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි හයේ පහර වරුසාවකින් සිය ඉනිම වර්ණවත් කළේ ස්ටාර්ස් කණ්ඩායමට නොතිබූ ජයක් හිමි කර දෙමින්.ඔහු පන්දු 6කදී හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 32ක් ලබා ගැනීම කැපී පෙනුණා.

අවසන් පන්දුවාරයේ දී ලකුණු 16ක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යොමු කළේ ළහිරු කුමාර විසින්.එම පන්දුවාරයේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි පන්දුවලට අඛණ්ඩව හයේ පහර 3ක් එල්ල කළ සීක්කුගේ ප්‍රසන්න කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට අති විශිෂ්ඨ ජයක් හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී නිමේෂ් විමුක්ති ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33


?