කොළඹට එන අයට දැනුම්දීමක්

කොළඹ නගරයේ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය අද දිනයේත් සීමා කෙරෙනවා.

පෙබරවාරි 4 වැනිදාට යෙදී ඇති 75 වැනි නිදහස් දින සැමරුමේ පෙරහුරු හේතුවෙන් ඊයේ (28) සිට ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පෙබරවාරි 3 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

ඒ අනුව එම රථ වාහන සැලැස්ම දිනපතා අලුයම 5 සිට දහවල් දක්වා ක්‍රියාත්මක වන බව පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

මේ අනුව පහත මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

ගාලුමුවදොර මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට NSA වටරවුම සහ චෛත්‍ය පාර
කොල්ලුපිටිය හන්දිය සිට ගාලුමුවදොර වටරවුම සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා
ශාන්ත මයිකල් වටරවුම ගාලු පාර දෙසට
රොටුන්ඩා වටරවුම ගාලු පාර
සෙරමික් හන්දිය සිට NSA වටරවුම දක්වා
යෝර්ක් වීදියේ සිට ලංකා බැංකු මාවත දක්වා
යෝර්ක් වීදිය සිට චැතම් වීදිය දක්වා
යෝර්ක් වීදියේ සිට මුදලිගේ මාවත දක්වා
යෝර්ක් වීදියේ සිට බාරොන් ජයතිලක මාවත දක්වා
ඛාන් ඔරලෝසු කණුව වටරවුම සිට YMBA වටරවුම දක්වා
සීනෝර් හන්දිය සිට ඕල්කට් මාවත දක්වා සහ CTO හන්දිය සිට ලෝටස් පාර සහ සෙරමික් හන්දිය දක්වා
ගාමිණී වටරවුම සිට ඩී.ආර්.විජයවර්ධන මාවත දක්වා
කොම්පඤ්ඤවීදිය පොලිස් වටරවුමේ සිට රීගල් හන්දිය දක්වා
මචන් මාකර් මාවතේ සිට බලදක්ෂ මාවතට සහ ගාලු මුවදොර
බම්බලපිටිය හන්දිය ගාලු පාර දිගේ කොල්ලුපිටියට
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ සිට මැරීන් ඩ්‍රයිව්
තුන්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවතට සහ ආර්.ඒ.ද මෙල් පාර
ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට මල් පාර හන්දිය දක්වා සහ ලිබර්ටි වටරවුම දක්වා
ලිබර්ටි වටරවුම සිට ශාන්ත මයිකල් වටරවුම දක්වා

පෙරහුරු අතරතුර මෙම මාර්ගවල පදිංචිකරුවන්ට පොලිසියේ අවසරය මත අදාළ ප්‍රදේශවලට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාලය තුළ ඉහත මාර්ග භාවිත කරන වාහන සඳහා විකල්ප මාර්ග ද පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බස් රථ සහ සැහැල්ලු වාහන සඳහා විකල්ප මාර්ග;

ගාලු පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කරන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හැරී බෞද්ධාලෝක මාවත, තුන්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර හරහා පිටකොටුවට ළඟා විය හැකියි.

කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හැරී ලිබර්ටි වටරවුම සහ ධර්මපාල මාවත හරහා පිටකොටුවට ළඟා වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල හන්දිය, සංඝරාජ මාවත, පංචිකාවත්ත පාර, මරදාන පාලම හන්දිය, ගාමිණී වටරවුම හරහා කොටුව, පිටකොටුව වෙත ළඟා විය හැකියි.

1 13
3 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?