කොළඹට ආ විරෝධතාකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ඉදිරියේදී රටම අකර්මන්‍ය කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති 40 කට වැඩි ගණනක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද දහවල් පැවති විරෝධතාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව කියා සිටියා.

ඔහු පෙන්වා දුන්නේ මෙම විරෝධතාවය ආරම්භයක් පමණක් වන අතර රජය මෙම බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීමට සූදානම් නොමැති නම් නම්‍යශීලී වීමට සූදානම් නොමැති නම් සමස්ත රටම අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බවයි.

වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.

මෙම විරෝධතාවට එක් වෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් අවධාරණය කළේ අප්‍රේල් මාසයට පෙර මෙම පනත හකුලා නොගන්නේ නම් රජය හකුළා දැමීමට බවයි.

මෙම බදු පනත පරාජය කිරීමේ සටන දිනන සටනක් මිස පරාජයෙන් අවසන් වන සටනක් නොවන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම සටන අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන අතර එසේ නොවන්නේ නම් රජය ගෙදර යැවීමට කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර අද පෙරවරු 11 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළදී කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ගවල අවහිරතාවයක් ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙසට අධිකරණය නියෝගයක් කර තිබුණා.

ඒ, කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

අදාළ පිරිස එම උද්ඝෝෂණය සිදුකලහොත් උද්ඝෝෂකයින් හා මහජනතාව අතර ගැටුම්කාරී හා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවයි පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27