AFC Banner
AFC Banner
Empty Ad

කොස් මාමාගේ මිණිබිරියගේ නිවස කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට

‘කොස් මාමා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ආතර් වී දියෙස් මහතාගේ මිණිබිරියගේ නිවසක තිබූ මැණික් ගල් සහ රන් භාණ්ඩ සොරකම් කළ මවක්, දියණියක් සහ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සොරකම් කළ භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 61ක් බවයි වාර්තා වන්නේ.

පානදුර දකුණ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමක දී වැලිමඩ සහ වාද්දූව ප්‍රදේශයේ පදිංචි 21,23 සහ 53 හැවිරිදි වියෙහි පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබෙනවා.

ප්‍රධාන සැකකාර කාන්තාව කොස්මාමාගේ මිණිබිරියගේ පානදුර නිවසේ මෙහෙකාරිය බවත්, එම නිවසේ පදිංචි නිවෙස් හිමි යුවල මසකට පමණ පෙර සිය පුත්‍රයාගේ නිවසට ගොස් ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

නිවෙස් හිමි යුවල පිටව යන විට මෙහෙකාරිය, ඇයගේ පුත්‍රයා සහ දියණිය නිවසේ රැඳී සිට ඇති අතර එහිදියි මෙම සොරකම සිදු කර ඇත්තේ.

නිවසෙහි සවිකර ඇති ආරක්ෂිත කැමරා ප‍රීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ සැකකරුවන් රන් භාණ්ඩ ද රැගෙන පලා යන ආකාරයයි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?