කොස් මාමාගේ මිණිබිරියගේ නිවස කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට

‘කොස් මාමා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ආතර් වී දියෙස් මහතාගේ මිණිබිරියගේ නිවසක තිබූ මැණික් ගල් සහ රන් භාණ්ඩ සොරකම් කළ මවක්, දියණියක් සහ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සොරකම් කළ භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 61ක් බවයි වාර්තා වන්නේ.

පානදුර දකුණ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමක දී වැලිමඩ සහ වාද්දූව ප්‍රදේශයේ පදිංචි 21,23 සහ 53 හැවිරිදි වියෙහි පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබෙනවා.

ප්‍රධාන සැකකාර කාන්තාව කොස්මාමාගේ මිණිබිරියගේ පානදුර නිවසේ මෙහෙකාරිය බවත්, එම නිවසේ පදිංචි නිවෙස් හිමි යුවල මසකට පමණ පෙර සිය පුත්‍රයාගේ නිවසට ගොස් ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

නිවෙස් හිමි යුවල පිටව යන විට මෙහෙකාරිය, ඇයගේ පුත්‍රයා සහ දියණිය නිවසේ රැඳී සිට ඇති අතර එහිදියි මෙම සොරකම සිදු කර ඇත්තේ.

නිවසෙහි සවිකර ඇති ආරක්ෂිත කැමරා ප‍රීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ සැකකරුවන් රන් භාණ්ඩ ද රැගෙන පලා යන ආකාරයයි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31