spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොස්තාපල්වරියකට පහරදීලා

ඊයේ (05) ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන්ගත් පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු පසුපස ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු අකුරල ප්‍රදේශයේදි එක් කොස්තාපල්වරියකට පහරදි ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

පහරකෑමට ලක්ව ඇත්තේ තෙල්වත්ත මැටිවල පදිංචි පොලිස් මුල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසයේ සේවය කරනු ලබන කොස්තාපල්වරියක් වන අතර ඇය සමඟ යතුරු පැදියේ ගමන්කර ඇත්තේද එම කොට්ඨාසයේම සේවය කරන කොස්තාපල්වරියක් බව වාර්තා වෙනවා.

සිද්ධය වන අවස්ථාවේ කොස්තාපල්වරියන් දෙදෙනා සිවිල් ඇඳුමෙන් සැරසි ගමන්කර ඇති බවත් එසේ ගමන් කරමින් සිටින විට අතර මගදි ඇතිවු බහින්බස් විමක් හේතුවෙන් මෙම පහරදිම සිදුකර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

සැකකරු පැමිණි ත්‍රි රෝද රථයේ අයිතිකරු හඳුනාගෙන ඇති අතර අම්බලන්ගොඩ පෙලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?