කොවිෂීල්ඩ් එන්න සම්බන්ධයෙන් දේශීය පර්යේෂණයකින් හෙළි වූ කරුණු

කොවිෂීල්ඩ් එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අවම වන බව ශ්‍රී ලංකා පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබේ.

මේ අනුව එම පුද්ගලයින් ප්‍රමාද වී හෝ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ අතර කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයන්ගේ ප්‍රතිදේහ නිර්මාණය වීම 93.4%ක් වන බවද වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.

තවද ප්‍රතිශක්තිය ආශ්‍රිතව ගොඩනැගෙන මතකයක් තිබෙන බවත් ඒ අනුව ප්‍රධාන සෛල දෙකක් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව එම මතක සෛලවල හැකියාව සොයා බැලීමේදී ඉතා හොඳ කාර්යක්ෂමතාවයක් තිබෙන බවත් පෙන්වා දෙයි.

මේ අනුව දෙවැනි මාත්‍රාව තුලින් මතක සෛල ගොඩනැඟෙන ආකාරය සොයාබලෙන පරික්ෂණ සිදුකරන බවද පවසයි.

“අපි තවදුරටත් මේ අධ්‍යයනය කරලා බැලුවා, එන්නත් මාත්‍රා එකක් ගහපු එයට සති 16කට පස්සේ, දෙවැනි මාත්‍රාව ලැබුණොත් එක මාත්‍රාවක් ප්‍රමාණවත් වෙයිද ? ඒකෙන් ලැබෙන ප්‍රතිශක්තිය ඇති ද? තවත් මාත්‍රා ගහන්න ඕනේ ද කියන ප්‍රශ්නය අපිට පැන නඟිනවා. ප්‍රතිශක්තියක් ගොඩනැඟෙන කොට අපි බැලුවා හැම ප්‍රතිශක්තියක් ආශ්‍රිතවම මතකයක් තියෙනවා. මතකය රැඳිලා තියෙන ප්‍රධාන ශෛල දෙකක් තියෙනවා. අපි මතක ශෛලවල හැකියාව හොයලා බැලුවා. මතක සෛල ගත්තහම ඉතා හොඳ කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ දෙවැනි මාත්‍රාව ප්‍රමාද වෙලා හම්බුණා ට අපිට තව එන්නතක් ලබා ගැනීම තුළින් මතක ශක්තිය ගොඩනඟා ගැනීමට අවශ්‍ය කරන හැකියාව ශරීරය තුළ තියෙනවා කියන පදනම අපි තේරුම් අරගෙන තියෙනවා. ගැහුවට පස්සේ මතක සෛල ගොඩනැඟෙනවා ද කියලා බලන්න ඕනේ ඉදිරියේ දී පහුවුණ අයගේ ගහලා ඉවර වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යයනයක් කරන්න. දැනට අපේ දත්ත වාර්තා අනුව තියෙන්නේ, සති 16 යන කොට ප්‍රතිදේහ තිබුණට කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු ලෙස අඩුවෙනවා. ඒ වගේම මතක සෛල හොඳින් තියෙන නිසා නැවත මාත්‍රාවක් ලබාගැනීම තුළින් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව තියෙනවා. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09