කොවිඩ් වැළඳී රෝහල්ගතව සිටි පිරිසකගේ නිවස සොරු බිඳලා

නිරෝධායන වෙමින් සිටි පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසක් බිඳ එහි තිබු මුදල් සහ ඔහුගේ දේපලවලට අදාළ ලියකියවිලි රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

නිවෙස් හිමියා පවසන්නේ මේ සම්බන්ධයෙන් දෙනියාය පොලීසියට පසුගිය 31වනදා සිය ඥාතියෙකු විසින් පැමිණි කළද මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බවය.

පසුගිය 21වනදා සිදුකළ PCR පරික්ෂණයකින් පසුව තමන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වු බවත් පසුව 23වනදා තමන්ව ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ඔහු පවසයි.

ඉන් පසුව ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකුට සිදු කළ PCR පරික්ෂණ අනුව ඔවුන්ට ද වෛරසය වැළඳි ඇති බව තහවුරු වු බැවින් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ප්‍රතිකාරවලින් අනතුරුව සුව වු පසු ඔහු ඊයේ (02) උදැසන සිය නිවසට ගොස් තිබේ.

ඒ වනතෙක් පොලීසිය සොරකම පිළිබඳ ව සොයාබැලීමට තම නිවසට පැමිණ නොමැති බව ඔහු පවසයි.

තමන් නැවතත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ නිවස විෂබිජානුහරණය කර නොමැති බැවින් විමර්ශන සඳහා පැමිණිමට නොහැකි බවය.

එහෙත් බටපොළ ප්‍රාදේශීය සභාව විසින් සිය නිවස විෂබිජානුහරණය කරඇති බව සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තහවුරු කළ බව ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09