කොවිඩ් නීති නොතකමින් පැවති යාච්ඤාවට පොලීසියෙන් පනී

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි නාඳුනන පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගරයේ පවත්වාගෙන ගිය ඉරුදින යාච්ඤා මධ්‍යස්ථානයක් නවතා දැමීමට කුලියාපිටිය පොලිස් නිලධාරීන් අද (31) කටයුතු කළේය.

මේ සඳහා කුලියාපිටිය නගර සභාවෙන් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති අතර පොලිස් නිලධාරින් එහි යනවිටත් යාච්ඤා මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කර තිබුණි.

කෙසේ වෙතත් ඊට සහභාගී වූ කිසිවෙකුගේ තොරතුරු සටහන් කරගැනීමක් හෝ සිදුකර තිබුණේ නැහැ.

ඒ අනුව යාච්ඤාව නවතා දමා එය සංවිධාන කළ පිරිස්වලට අවවාද කෙරුණි.

කොවිඩ් දෙවන රැල්ලේ පළමු මරණය වාර්තා වුණේද මෙවැනිම යාච්ඤා මධ්‍යස්ථානයකින් ආරම්භ වූ පොකුරක් ආශ්‍රිතවය.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 37,825 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනය තුළ පමණක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයින් 32,539 දෙනෙකුට එන්නත්කරණය සිදුකර තිබේ.

කොවිඩ් මර්දන ඉදිරි පෙළ රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් සඳහා එන්නත ලබාදීමේ කටයුතු අද (31) ආරම්භ වුණේ නාරාහේන්පිට පොලිස් රෝහලේදීය.

එහිදී එන්නත ලබාදීමට පෙර වෛද්‍යවරුන් විසින් ඔවුන්ව දැනුවත් කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය උපුල් ගුණසේකර මහතා,

“මේකෙ දැනට වාර්තා වෙන අතුරු ආබාධ හැටියට එන්නේ කට්ටියකට උණ ඇවිල්ලා තියෙනවා. ඇඟපත රුදාව ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම ඒ අයට සමහර වෙලාවට මේ අතේ වේදනාවක්, අත උස්සගන්න බැරිවෙලා තියෙනවා. එහෙම මොනාහරි තියෙනවා නම් වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ බෙඩ් රෙස්ට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දවසක් දවස් දෙකක් විතර තියෙන්නේ, තුන්වැනි කාරණය තමයි ඇතිවෙන්න දියර වර්ග පාවිච්චි කරන්න. මතක තියා ගන්න කාටවත් ඉන්ෂුවරන්ස් එකක් හම්බවෙන්නේ නෑ මේක විඳගත්තා කියලා. මේක හැදෙන්නේ නැහැ කියලා. නමුත් මේක විඳගත්තට පස්සේ මරණයේ ඉඳගෙන මේ රෝගය වැළදීමේ තියෙන අවදානම අඩුවෙනවා. “

වෛද්‍ය අරවින්ද විජේසේකර –

“නිරෝධායනය වන කාලය ඇතුළත කවුරුහරි ඉන්නවානම් ඒ අයට ගහන්නේ නෑ. වැක්සින් එකක් මොනාහරි අරගෙන තියෙනවා නම් සති දෙකක් ඇතුළත ඒ අයට ගහන්නත් බැහැ. කොවිඩ් 19 හැදිලා, සුවවෙලා මාසයක් ඇතුළත ඉන්න කෙනෙකුට ගහන්නෙත් නෑ.“

පොලිස් රෝහලේ කාර්ය මණ්ඩලය සහ ඊට අනියුක්ත පොලිස් නිලධාරීන් සඳහා එන්නත ලබාදුන් අතර එම රෝහල මගින් ඉදිරි දින කිහිපය තුළ 660 දෙනෙකුට එන්නත්කරණය සිදුකිරීමට නියමිතය.

එළැඹෙන දෙවැනිදා මහනුවර කුණ්ඩසාලේ පොලිස් රෝහලේ නිලධාරීන් 169 දෙනෙකුට එන්නත්කරණය සිදුකිරීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09