AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් නිසා ඉන්දියාවට අත්වන්නට යන භයානක ඉරණම මෙන්න

ලොවක් වසාගත් කොවිඩ් වෛරසයෙන් මේ වන විටත් වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ ඉන්දියාවටයි. ඉන්දියානුවන් මහමග මරු වැළඳගන්නා හැටි දැක්වෙන සංවේදි වීඩියෝ සහ ඡායාරූප ඔබටත් අන්තර්ජාලයෙන් හමුවන්නට ඇති.. ඉන්දියාවේ දිනක වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය පැය 24 තුළ පමණක් එරටින් ආසාදිතයින් 402,110ක් වාර්තා වුණා.

එය ලොව රටකින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගෙවුණු පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 3,522 ක්.

මෙවන අතිශය භයානක තත්ත්වයක් තුළ ඉන්දියාවේ වෛද්‍යවරුන් “අපිට ඔක්සිජන් අවශ්‍යයි.. කරුණාකරලා අපිට උදව් කරන්න” ලෙස සංවේදී ඉල්ලීම් කරන වීඩියෝ ද බීබීසී ය මඟින් පසුගිය දිනෙක වාර්තා කර තිබුණා. එක් වීඩියෝවක සිටින වෛද්‍යවරයෙකු හඬමින් පවසන්නේ, “රෝගීන් මිය යනවා බලා සිටීම තමාට කළ නොහැක්කක්” බවයි. එබැවින් ඔවුන්ට උපකාර කරන ලෙස ඔහු බැගෑපත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?