Indian Premier League

කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ නවසීලන්ත සංචිතයේ ඉඩක් හිමි නොවීමත් සමඟ මුන්රෝ මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන මුන්රෝ 2020 වසරේ සිට ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර නැහැ.

නවසීලන්ත ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කිරීමට පෙර තේරීම් මේසයේ දී මුන්රෝ ගැන සාකච්ඡා කළ බව නවසීලන්ත පුහුණුකරු ග්‍රේ ස්ටෙඩ් තහවුරු කළ නමුත් මෙම ප්‍රවීණ වමත් පිතිකරුට එම සංචිතයේ ඉඩක් නොමැති බවයි සඳහන් කළේ.

කොලින් මුන්රෝ නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් කාලයක් රැඳී සිටින බවයි ඔහු සඳහන් කළේ.

මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 57ක් සහ විස්සයි විස්ස තරග 65ක් ක්‍රීඩාකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
4
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?