කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ නවසීලන්ත සංචිතයේ ඉඩක් හිමි නොවීමත් සමඟ මුන්රෝ මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන මුන්රෝ 2020 වසරේ සිට ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර නැහැ.

නවසීලන්ත ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කිරීමට පෙර තේරීම් මේසයේ දී මුන්රෝ ගැන සාකච්ඡා කළ බව නවසීලන්ත පුහුණුකරු ග්‍රේ ස්ටෙඩ් තහවුරු කළ නමුත් මෙම ප්‍රවීණ වමත් පිතිකරුට එම සංචිතයේ ඉඩක් නොමැති බවයි සඳහන් කළේ.

කොලින් මුන්රෝ නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් කාලයක් රැඳී සිටින බවයි ඔහු සඳහන් කළේ.

මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 57ක් සහ විස්සයි විස්ස තරග 65ක් ක්‍රීඩාකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30