ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (08) පස්වරුවේ ඊඩ්න් ගාර්ඩ්න් හි දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ප්‍රතිවාදී ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමෙන් ජයග්‍රහණයට ලකුණු 239ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටාවරුන් පළමු ව පන්දු රැකීමට තීරණය කළ අතර ලද ඇරයුමෙන් උපරිම ඵල නෙලූ ලක්නව්වරුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 238ක් ලබාගත්තා.
ආරම්භක කඩුල්ලට මිචෙල් මාර්ෂ් සමගින් එක් වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගූ අතර පළමු කඩුල්ල ලෙස මාක්‍රම් ලකුණු 47ක් අතැතිව සිටියදී දැවී ගියේ හර්ෂිත් රනා යොමු කළ පන්දුවක් හමුවේයි.
දෙවැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගූ මාර්ෂ් හා පුරාන් පිළිවෙළින් ලකුණු 81ක් සහ 87*ක් ලබා ගත්තා.
කඩුලු බිඳ දැමීමේ දී හර්ෂිත් රනා කඩුලු 02ක් සහ ඇන්ඩෘ රසල් එක් කඩුල්ලක් බිඳ දැමුවා.
ඒ අනුව මේ වනවිට ප්‍රසාද ලකුණු ලැයිස්තුවට අනුව දෙපිළම මුහුණ දුන් තරග 04න් ම දෙක බැගින් ජයගෙන සිටින අතර තරගාවලියේ ඉදිරිය තීරණාත්මක කරගැනීමට අද තරගයේ ජය අනිවාර්‍යය වනවා.