කොල්කටා කණ්ඩායමට ලකුණු 239ක දැවැන්ත ඉලක්කයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (08) පස්වරුවේ ඊඩ්න් ගාර්ඩ්න් හි දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ප්‍රතිවාදී ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමෙන් ජයග්‍රහණයට ලකුණු 239ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටාවරුන් පළමු ව පන්දු රැකීමට තීරණය කළ අතර ලද ඇරයුමෙන් උපරිම ඵල නෙලූ ලක්නව්වරුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 238ක් ලබාගත්තා.

ආරම්භක කඩුල්ලට මිචෙල් මාර්ෂ් සමගින් එක් වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගූ අතර පළමු කඩුල්ල ලෙස මාක්‍රම් ලකුණු 47ක් අතැතිව සිටියදී දැවී ගියේ හර්ෂිත් රනා යොමු කළ පන්දුවක් හමුවේයි.

දෙවැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගූ මාර්ෂ් හා පුරාන් පිළිවෙළින් ලකුණු 81ක් සහ 87*ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී හර්ෂිත් රනා කඩුලු 02ක් සහ ඇන්ඩෘ රසල් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව මේ වනවිට ප්‍රසාද ලකුණු ලැයිස්තුවට අනුව දෙපිළම මුහුණ දුන් තරග 04න් ම දෙක බැගින් ජයගෙන සිටින අතර තරගාවලියේ ඉදිරිය තීරණාත්මක කරගැනීමට අද තරගයේ ජය අනිවාර්‍යය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36