කොරෝනා වෛරස් ව්‍යාප්තියේ තවත් අතුරු ඵලයක් මෙන්න

කොරෝනා වසංගතය හේතුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන ජනගහණය තවදුරටත් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

වසංගත තත්වයට පෙර ලෝක ජනගහණයෙන් සියයට 8.9 ක් එනම් මිලියන 690 ක් පමණ මන්දපෝෂණයෙන් පෙලුනු අතර, එය තවත් මිලියන 83 ත් 132 ත් අතර අගයකින් ඉහළ යා හැකි බවටයි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලික ඇස්තමේන්තු මගින් පෙන්වා දී ඇත්තේ.

2019 ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව රටවල් 113ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 66 වන ස්ථානයේයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ ළමා මන්ද පෝෂණය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීනව පවතින ගැටළුවක් බවයි.

වසංගත කාල පරිච්ඡේදය තුළදී ආහාර නිෂ්පාදනය අඛන්ඩව සිදුකිරීම හා බෙදාහැරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබුවද ගෝලීය හා දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික හා සමාජ කටයුතු සීමාකිරීම් හා සංචරණ සීමා පැනවීම් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ලවී තිබෙනවා.

එමෙන්ම වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ආහාර සඳහා ඇති ඉල්ලුම කෙරෙහි රෝග ව්‍යාප්ති මාර්ග පිළිබඳව ජනතාව තුළ ඇතිවූ ආකල්පවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන ප්‍රෝටීන් මූලාශ්‍ර ආහාර වන මස් සහ මාළු සඳහා පැවති ඉල්ලුම පසුගිය වසර තුළ පහළ ගිය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

වසංගත තත්වය මධ්‍යයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ලක් රජය ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගනු ලැබුවා.

ආහාර අවශ්‍යතා යම් ප්‍රමාණයකට සපුරා ගැනීමට එතුළින් සහය සැලසුන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව තවමත් අපනයනය මත යැපෙන බැවින් රටේ ආහාර සුරක්ෂිතතාවට ඇති අවදානම වළක්වා ගැනීම සඳහා කලාපීය වශයෙන් මෙන්ම රට තුළ ආහාර වෙළඳාමට පහසුකම් සැළසීම ඉතා වැදගත් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

එමෙන්ම ගෝලීයව මුහුණ පා ඇති වසංගත තත්වය හමුවේ ආහාර හිඟයන් ඇතිවිය හැකි බවට අනාවැකි පළවන පසුබිමක් තුළ වන අලින්, වඳුරන්, මොණරුන් සහ වල් ඌරන් වැනි වන සතුන් හේතුවෙන් සැළකිය යුතු භෝග හානියක් මෙරට තුළ සිදුවන අතර, එමඟින් දේශීය ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් ඇති කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46