AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා වෛරස්‌ ප්‍රභේද 5000කට අධික සංඛ්‍යාවක්‌ හදුනා ගැනේ

‘කොරෝනා වෛරස්‌ ප්‍රභේදයන්‌ 5000කට අධික ‘සංඛ්‍යාවක්‌ මේ වන විට ඉන්දියාවෙන්‌ හඳුනාගෙන ඇති බව ඉන්දියාවේ හයිද්‍රාබාද්‌ නගරයේ පිහිටි සෛල භා ජෛව විද්‍යාත්මක මධ්‍යස්ථානය පවසයි. කෙසේ වුවද එම නව වෛරස්‌ ප්‍රභේදයන්‌ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමු කරමින්‌ පරීක්ෂණ සිදු නොවීම්‌ හේතුවෙන්‌ ඒවා අඩු වේගයකින්‌ පැතිර යන බවට නිරීක්ෂණය වී ඇති බවත්‌ එම වෛරස්‌ ප්‍රභේදයන්ගෙන්‌ සමහරක්‌ ශීඝ්‍රයෙන්‌ පැතිර යන ප්‍රභේදයන්‌ බව ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බව මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය රක්‍ේෂ්‌ මිෂ්රා පවසයි. මෙම නව කොරෝනා වෛරස්‌ ප්‍රභේදයන්‌ හා පැතිර පවතින වෙනත්‌ ප්‍රභේදයන්‌ පැතිර යන ආකාරය පිළිබඳව අවබෝධයක්‌ ලබා ගැනීමට නම්‌ රට පුරා ඒ පිළිබඳ අධ්‍යයනයක්‌ සිදු කළ යුතු බව ඔහු පවසයි.

හයිද්‍රාබාද්‌ නගරයේ පිහිටි සෛල හා ජෛව විද්‍යාත්මක මධ්‍යස්ථානය විසින්‌ සිදු කරන ලද අධ්‍යයනයට අනුව ඉන්දියාවෙන්‌ හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස්‌ ප්‍රභේදයන්ගෙන්‌ ඇතැමෙක්‌ එරට ප්‍රාන්ත කිහිපයක්‌ විශේෂයෙන්‌ දකුණු ඉන්දියාවේ වැඩි වශයෙන්‌ පැතිර යමින්‌ පවතින බව හෙළි වී තිබේ. මෙම ප්‍රභේදයන්ගෙන්‌ සමහරකට වරක්‌ කොරෝනා ‘වෛරස්‌ ආසාදනය වැළඳී සුව වූ අයගේ ශරීරයේ ‘උඋගොඩ නැගී ඇති ප්‍රතිශක්තිය බිඳ දමමින්‌ ඔවුන්‌ නැවත වෛරස්‌ ආසාදනයට ගොදුරු කිරීමට තරම්‌ ප්‍රහල බවද මෙම අධ්‍යයනයේ වාර්තාවේ දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?