කොරෝනා වෛරස්‌ ප්‍රභේද 5000කට අධික සංඛ්‍යාවක්‌ හදුනා ගැනේ

‘කොරෝනා වෛරස්‌ ප්‍රභේදයන්‌ 5000කට අධික ‘සංඛ්‍යාවක්‌ මේ වන විට ඉන්දියාවෙන්‌ හඳුනාගෙන ඇති බව ඉන්දියාවේ හයිද්‍රාබාද්‌ නගරයේ පිහිටි සෛල භා ජෛව විද්‍යාත්මක මධ්‍යස්ථානය පවසයි. කෙසේ වුවද එම නව වෛරස්‌ ප්‍රභේදයන්‌ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමු කරමින්‌ පරීක්ෂණ සිදු නොවීම්‌ හේතුවෙන්‌ ඒවා අඩු වේගයකින්‌ පැතිර යන බවට නිරීක්ෂණය වී ඇති බවත්‌ එම වෛරස්‌ ප්‍රභේදයන්ගෙන්‌ සමහරක්‌ ශීඝ්‍රයෙන්‌ පැතිර යන ප්‍රභේදයන්‌ බව ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බව මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය රක්‍ේෂ්‌ මිෂ්රා පවසයි. මෙම නව කොරෝනා වෛරස්‌ ප්‍රභේදයන්‌ හා පැතිර පවතින වෙනත්‌ ප්‍රභේදයන්‌ පැතිර යන ආකාරය පිළිබඳව අවබෝධයක්‌ ලබා ගැනීමට නම්‌ රට පුරා ඒ පිළිබඳ අධ්‍යයනයක්‌ සිදු කළ යුතු බව ඔහු පවසයි.

හයිද්‍රාබාද්‌ නගරයේ පිහිටි සෛල හා ජෛව විද්‍යාත්මක මධ්‍යස්ථානය විසින්‌ සිදු කරන ලද අධ්‍යයනයට අනුව ඉන්දියාවෙන්‌ හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස්‌ ප්‍රභේදයන්ගෙන්‌ ඇතැමෙක්‌ එරට ප්‍රාන්ත කිහිපයක්‌ විශේෂයෙන්‌ දකුණු ඉන්දියාවේ වැඩි වශයෙන්‌ පැතිර යමින්‌ පවතින බව හෙළි වී තිබේ. මෙම ප්‍රභේදයන්ගෙන්‌ සමහරකට වරක්‌ කොරෝනා ‘වෛරස්‌ ආසාදනය වැළඳී සුව වූ අයගේ ශරීරයේ ‘උඋගොඩ නැගී ඇති ප්‍රතිශක්තිය බිඳ දමමින්‌ ඔවුන්‌ නැවත වෛරස්‌ ආසාදනයට ගොදුරු කිරීමට තරම්‌ ප්‍රහල බවද මෙම අධ්‍යයනයේ වාර්තාවේ දැක්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28